අවුරුදු 07ක ළමයෙක් තනියම කොළඹ යන්න ඇවිත් – වේලා සටහන්කරු අල්ලාගෙන පොලීසියට භාරදීලා

හැටන් ප්‍රදේශයේ පාලසක අධ්‍යාපනය ලබන 07 හැවිරිදි පාසල් සිසුවෙක් හැටන් බස් නැවතුම්පොළේ ලංගම වේලා සටහන්කරු විසින් රඳවාගෙන අද (27) පොලිසියට භාර දී තිබෙනවා.

එම සිසුවා තම දෙමව්පියන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව පවසමින් කොළඹට යෑමට බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

දෙමව්පියන් බැලීමට බස් රථයෙන් කොළඹ බලා යෑමට තම ලොකු අම්මා විසින් මුදල් ලබාදුන් බවත් එම සිසුවා හැටන් බස් නැවතුම්පොළේ වේලා සටහන්කරුට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඒ පිළිබදව සැක සිතූ වේලාසටහන්කරු සිසුවාට කොළඹ බලා යෑමට ඉඩ ලබානො දී සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ සිසුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හැටන් පොලිසිය සඳහන් කළේ, සිය භාරයට ගැනුණු සිසුවා සම්බන්ධයෙන් කරුණු වාර්තාකර සිසුවා දෙමව්පියන් වෙත භාරදීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16