යතුරුපැදිය දුම්රියක ගැටී දෙදරු මව ජීවිතක්ෂයට

උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී යතුරුපැදියක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාලියපුර, ජයන්ති ග්‍රාමය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු මවක් බවයි වාර්තා වුණේ.

ස්වයං රැකියාවක නිරත වූ මෙම කාන්තාව පුලියන්කුලම ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් යතුරුපැදියෙන් ආපසු නිවසට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
17
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted