මෙරට පළමු සය නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන්

මෙරට පළමු සය දරු උපත අද අලුයම් කාලයේදී සිදුව තිබෙනවා. ඒ, මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව ඇත්තේ අද අළුයම 12.16 ත්12.18 අතර කාලය තුළදීයි.

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි.

31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6දෙනාම ‍යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් අතරින් එක් දරවෙක් පමණක් මේ වන විට දැඩි වෛද්‍ය පරීක්ෂාව යටතේ පසුවන අතර මෙම සය නිවුන් දරුවන්ගේ මව සහ පියා කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

No description available.
  1. අවශ්‍යම මොහොතක අවශ්‍යම දෙයක්. මෙවැනි උපත් තව තවත් සිදුවේවා. මවට, පියාට මෙන්ම දරුවන්ටද දුකක් කරදරයක් නොවේවා. තෙරුවන් සරණින් සියළු දෙනාම ආරක්ෂා කර දෙන්න.