ඇඟලුම් කර්මාන්තශාලාවක් හදිසියේ වසා දැමීමට එරෙහිව එහි සේවකයින් විරෝධතාවයක (වීඩියෝ)

ජා ඇල ප්‍රදේශයේ පිහිටි කොරියානු සමාගමකට අයත් ඇඟලුම් කර්මාන්තශාලාවක් හදිසියේ වසා දැමීමට එරෙහිව එහි සේවක සේවිකාවන් අද (27) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

එම කර්මාන්තශාලාව අභ්‍යන්තර ගැටලු හේතුවෙන් වසා දැමීමට සූදානම් වන බවට පසුගිය කාලය තුළ විවිධ ප්‍රචාර පැතිර ගියත්, සමාගම විසින් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදු කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් සේවකයන් පවසන්නේ එක්වරම කර්මාන්තශාලාව වසා දැමීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්