නාමල්ගේ පානදුර වේදිකාවට ගොඩ වූ තරුණයෙක් ගැන සජබයෙන් නිවේදනයක්

පසුගිය දා පානදුර ප්‍රදේශයේ පැවති නාමල් රාජපක්ෂගේ දේශපාලන රැළියේ වේදිකාවට ගොඩ වූ අමිල නිර්මාල් නම් තරුණයෙක් පිළිබඳව සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමන්න කළ ප්‍රකාශයක් සම්බන්ධව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් සමගි ජන බලවේගය පෙන්වා දී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමන්න කියා සිටි පරිදි අමිල නිර්මාල් නම් එම තරුණයා විසිඑක් දහසක් ලබා ගත් කිසිඳු දිනක සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට තරගකර හෝ නොමැති බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

2025 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී මෙම අමිල නිර්මාල් නැමැති තරුණයාගේ මව, නල්ලුරුව කොට්ඨාසයෙන් තරග කළ අතර මෙම තරුණයා එම කොට්ඨාසය නියෝජනය කරමින් සමගාමි ලැයිස්තුවට ඇතුළත්ව සිටි නබව සමගි ජන බලවේගයේ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් එහිදී ඔවුන්ට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 63ක් පමණක් බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

පළාත් පාලන මැතිවරණයේ දී මව සමග එකතුව තරගවැදී ඡන්ද 63ක් පමණක් ලබා ගත් පුද්ගලයෙක් පිළිබද මෙවැනි ප්‍රලාපයක් ගොතා කීවේ කුමන පදනමකින් දැයි පානදුර වැසියෝ ප්‍රශ්න කරන බව එම සමඟි ජන බලවේගය විසින් නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33