මාතර – නාවිමන වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

මාතර, නාවිමන, රුවන්වැල්ල ප්‍රදේශයේ දී පසුගිය 15 වනදා වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26 පුද්ගලයෙක් සහ අම්බලන්තොට තොටමුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙක් මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු වයස අවුරුදු 26ක පුදගලයා අපරාධය සිදු කිරීමට අදාළව ඔත්තු බලා ඇති අතර, අවුරුදු 29ක සැකකරු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව රථය පදවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පසුගිය 15 වනදා පස්වරුවේ මාතර, නාවිමන, රුවන්වැල්ල ප්‍රදේශයේ වෙඩිතබා ඝාතනය කර තිබුණා.

එහිදී ඝාතනයට ලක්ව තිබුණේ සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04