අඩු පීඩන කලාපය තවදුරටත් – මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම පද්ධතිය, ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද දැනුම් දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14