බෙල්ලන්විල වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි – වෙඩික්කරු සහ යතුරුපැදිකරු රණාලෙන් අල්ලයි

ඊයේ (25) රාත්‍රියේ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී කඩුවෙල, නවගමුව, රණාල ප්‍රදේශයේ දී මෙම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා මේ වනවිට නවගමුව පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 37 යන වයස්වල පසුවන බකමුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (25) රාත්‍රියේ බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අවුරුදු 55ක බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙක්වන ‘කොස් මල්ලී’ නැමැත්තාගේ මාමා කෙනෙක් බවයි වාර්තා වන්නේ.

‘කොස් මල්ලී’ නැමැත්තාගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06