නවවන මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික ප්‍රවීන නළු මහේන්ද්‍ර පෙරේරා සමත් වුණා.
ක්වාලාලම්පූර් හි මෙගාස්ටාර් අරීනා හිදී ඊයේ (25) පැවති සම්මාන උළෙලේ දී ප්‍රවීන නළු මහේන්ද්‍ර පෙරේරා මෙම සම්මානය දිනාගත්තේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් ඉදිරිපත් කළ අති විශිෂ්ට රංගනය වෙනුවෙන්.
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාට හිමි සම්මාන වෙනුවෙන් ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ රංග පෑ ජනප්‍රිය නළු රන්දික ගුණතිලක ද නිර්දේශ වී සිටීම විශේෂත්වයක්.
මේ අතර මෙම සම්මාන උළෙලේ වසරේ හොඳම නිළියට හිමි සම්මානය ජයග්‍රාහිකාවන් දෙදෙනෙක් අතර බෙදී යාම ද විශේෂත්වයක්.
Silent Rebellion චිත්‍රපටය වෙනුවෙන් ෂරීෆා අමානි සහ Ah Girl චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Ong Xuan Jing මෙලෙස හොඳම නිළියට හිමි සම්මානය ජයග්‍රහණය කළා.
මේ අතර හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඊජිප්තු චිත්‍රපටයක් වන Aisha Can’t Fly Away සඳහා මොරාඩ් මොස්තාෆා විසින් දිනා ගත්තා.
2026 මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණේ, Lucky Lu චිත්‍රපටයයි.













