එල් නිනෝ උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර – පරිසර ඇමති

එල් නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර, එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර මෙරටට ළඟා විය හැකි බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසනවා.

ඒ, අනුව එහි උච්චතම අවස්ථාව එළඹෙන නොවැම්බර් මාසයේ සිදුවිය හැකි බවයි පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ.

එල් නිනෝ තත්ත්වය හා ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳ දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ජුලි, අගෝස්තු, සැප්තැම්බර් යන මාසයන්වල දැඩි වියළි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි බවත්, ඔත්තොම්බර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතයක් දිවයිනට බලපා හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එල් නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාවගේ සහයෝගය මෙන්ම සහභාගීත්වය ද ඉතා වැදගත් බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ දී දැඩි නියඟයක් ඇති වීමට පවා ඉඩ ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව බලශක්තිය අරපිරිමැස්මෙන් පාවිච්චිකරන ලෙසත්, ජල මූලාශ්‍ර ආරක්ෂාකර ගැනීම සහ සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48