හිටපු SLC සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස අද (25) දිනයේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් ද වනවා.