ආනයනය කර තවමත් නිදහස් කරගෙන නොගිය වාහන 1,025ක් හම්බන්තොට වරායේ

ආනයනකර මාස තුනකට වඩා වැඩි කාලයක් ඉක්මවා ගියද ආනයනකරු විසින් තවමත් නිදහස් කරගෙන නොගිය වාහන
1,025ක් හම්බන්තොට වරායේ ඇති බව රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා.

අද (26) පෙරවරු මාධ්‍ය හමුවක් කැඳවමින් රේගු අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළ අතර, මෙම වාහන 1,025න් වාහන 625ක් ආනයනය කර මාස 06ක් ඉක්මවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස හම්බන්තොට වරායේ නවතා ඇති වාහන 1,025න් එකඳු වහනයක් හෝ රේගු වරදක් පිට රඳවාගත් වාහන නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස ආනයනය කර තවමත් නිදහස් කරගෙන නොගිය වාහන සම්බන්ධයෙන් රේගු ආඥා පනත යටතේ කටයුතු කරන බව රේගු අධ්‍යක්ෂවරයා පවසා සිටියා.

ඒ, අනුව මෙම වාහන ටෙන්ඩර් මඟින් හෝ වෙන්දේසි මඟින් විකිණීමට සිදුවන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

විදේශ විනියම වැයකර රට තුළට භාණ්ඩ ගෙනවිත් ආනයනකරුවන් විසින් එම භාණ්ඩ මේ ආකාරයෙන් අදාළ තීරු බදු හා රේගු බදු ගෙවා නිදහස් කර නොගැනීම තුළ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවන බවයි රේගු අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ.

එමෙන්ම වරාය සතු භූමිය තුළා එකම භාණ්ඩයක් මෙලෙස මාස ගණනාවක් රඳවා තැබීම තුළ වරායට ආදායම් උපයා ගැනීමට ඇති මාර්ග ද ඇහිරී යන බවත් ඔහු මෙහිදී අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39