Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අද රෑට ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තමෙන්තුව් අනතුරු අඟවනවා.

ඒ අතරින් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ බලපෑමට ලක්විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ,