Rajapura Handi Oil
Rajapura Diabetic Powder

චාමර සම්පත් දෙසැම්බර් 11 දක්වා යළිත් රිමාන්ඩ්

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු පුද්ගලික ලේකම්ගේ ඇප ලබාගැනීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් අද (27) නිෂ්ප්‍රභා කළා.

සිද්ධියට අදාලව පළමුවැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම් සම්බන්ධයෙන් පෙර නඩු දිනයේ දී ඉල්ලා තිබු ඇප ඉල්ලීමේ සම්බන්ධයෙන් නියෝගය කියවා දෙමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නිෂ්ප්‍රභා කළා.

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු පුද්ගලික ලේකම් ලබන දෙසැම්බර් 11 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (27) නියෝග කරනු ලැබුවා.