ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමඟ ජාවාරම්කරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
නාවික හමුදාව දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙම මෙහෙයුම සාර්ථකව සිදුකර ඇති බවයි වාර්තා වුනේ.
ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමඟ ධජ රහිත යාත්‍රාව, මේ වන විට ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට ගොබිමට රැගෙන එමින් සිටිනවා.
ඉන්දියානු සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සිදුකල ශක්තිමත් සම්බන්ධීකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
