තමාට සේවා දිගුවක් ලැබී ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි – ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට සේවා දිගුවක් ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් සහ ප්‍රකාශන සංසරණය වෙමින් පවතිනවා.

වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එවැනි අවස්ථාවක් නොලැබෙද්දී අජිත් රෝහණ මහතාට සේවා දිගුවක් ලබා දෙන්නේ කුමන පදනමකින් දැයි සඳහන් කරමින් විවේචනාත්මක අදහස් ද ඇතැම් පාර්ශව විසින් පළකර තිබුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සේවා දිගුවක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

තමන්ට කිසිඳු සේවා දිගුවක් ලබා දී නොමැති බවත්, එවැනි සේවා දිගුවක් ලබා දෙන ලෙස තමා විසින් ද කිසිඳු ඉල්ලීමක් සිදු කර නොමැති බවත් ඒ සඳහා කිසිඳු අවශ්‍යතාවයක් ද නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරනවා.

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නියමිත පරිදි තමන් විශ්‍රාම යාමට කටයුතු කරන බවට සඳහන් කළ ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය නියමිත සේවා කාලය අවසන් වූ පසු නැවත පොලිස් සේවය පැමිණීමේ හෝ සේවා දිගුවක් ලබා ගැනීමේ කිසිඳු අදහස් නොමැති බවට ද ප්‍රකාශ කළා.

ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන ප්‍රකාශන සහ අදහස් සත්‍යයෙන් තොරවන අතර, එම සියලු ප්‍රකාශන බැහැර කරන බවට ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අජිත් රෝහණ මහතා, ශ්‍රී ලංකා පොලිස් සේවයේ ජනප්‍රියතම පොලිස් නිලධාරීන්ගෙන් අතර ඉදිරියෙන්ම සිටිනවා.

විශේෂයනෙම ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ සමයේ මහජනතාව අතර සුවිශේෂී ප්‍රසාදයක් හිමිකර ගත් අතර කොවිඩ් වසංගත සමයේ දී ජනතාව වෙත සිදුකළ පැහැදිලි යාවත්කාලින කිරීම් හරහා ඔහු කෙරෙහි ජනතා විශ්වාසය සහ කැමැත්ත තවදුරටත් වර්ධනය වුණා.

එමෙන්ම රටේ මාධ්‍යය සහ සියලු වෘත්තීය පර්ශවයන් සමඟ ද අව්‍යාජ වෘත්තිමය සම්බන්ධයක් ඇතිකර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලෙසයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සැලකෙන්නේ.

  1. සේවා දිගුවක් ලබාදී පොලිසියේ තබා ගැනීම රටටම හොඳක් මිස අවැඩක් නැත.
    අති දක්ෂ නිලධාරියෙක්, තව අය බිහිවිය හැක,නමුත් මෙතුමට සමකළ හැකි නිලධාරියෙක් මෙතුවක් පොලිස් සේවයේ පේනතෙක් මානයක නැත…ජනපතිතුමනි,
    මෙය කාලීන අවශ්‍යතාවයක්සේ සලකා මෙතුමාට සේවා දිගුවක් දෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04