පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙල රුසියාවට හා බෙලරුසියාවට තහනම් වේ

තවත් පැය 10 කටත් අඩු කාලයකින් ආරම්භවීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙල සඳහා රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවට එක්වීමට අවසර හිමි නොවන බව වාර්තා වනවා.

යුක්‍රේනයට එල්ල කරන යුද ආක්‍රමණ හේතුවෙන් එම රටවල් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර රුසියානු සහ බෙලාරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් 2024 පැරිස් ඔලිම්පික් උළෙලට මධ්‍යස්ථ ධජයක් යටතේ තරඟ වදිනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩාවන් ලබන ජයග්‍රහණවල දී ජාතික ධජය එසවීමක් හෝ ජාතික ගීය ගායනයක් සිදුනොවීම ද විශේෂත්වයක්.

ඒ, අනුව ඔලිම්පික් කමිටුව විසින් තීරණය කරන වෙනත් සංගීතයක් එහිදී වාදනය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට සමාරම්භක උත්සවය ක්‍රීඩාංගණයක් තුළ නොපැවැත්වීම මෙවර ඔලිම්පික් තරගාවලිය තුළ සිදුවනවා.

ඒ, අනුව ඔලිම්පික් සමාරම්භක උළෙලේ සාම්ප්‍රදායික පෙළපාලිය ප්‍රංශ අගනුවර හදවත හරහා ගලා බසින සේන් ගඟ දිගේ පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25