බෙංගාල බොක්කේ මුහුදුබත් වූ නෞකාවේ සිටි දෙදෙනෙක් බේරාගැනේ – 22 දෙනෙකු අතුරුදන්

බෙංගාල බොක්ක ආශ්‍රිත ඔඩිෂා වෙරළට නාවික සැතපුම් 240ක පමණ දුරින් අනතුරට ලක්වූ පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් මුදා ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකායට හැකි වී තිබෙනවා.

MV Ocean-Winner නම් වූ මෙම නෞකාව පසුගිය අගෝස්තු 20 වැනි දින රාත්‍රී 10.30ට පමණ ඔඩිෂාවේ පැරඩිප් වරායෙන් පිටත්ව ඇති අතර එහි යකඩ ලෝහ ටොන් 1,700ක් රැගෙන යමින් තිබූ බවත් සඳහන්.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ (22) රාත්‍රී 11.48ට ඉන්දියාවේ ශ්‍රී විජය පුරම් හී සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට නෞකාව සමග සන්නිවේදනය බිඳ වැටී ඇති බවට පණිවිඩයක් ලැබී ඇති බවයි.

නෞකාව අනතුරට පත් වූ බවට දැනගත් වහාම ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.

නෞකාව අනතුරට පත්වන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 20 දෙනෙකු චීන ජාතිකයින් බවත් තිදෙනෙකු මියන්මාර සහ තවත් අයෙකු බංග්ලාදේශ ජාතිකයෙකු බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුදා ගත් චීන ජාතිකයන් දෙදෙනා පවසා ඇත්තේ විනාඩි 08ක් තුළ නෞකාව ගිලී ගිය බවයි.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36