රජය වී කිලෝවකින් ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට වී කිලෝවට රුපියල් 150ක ස්ථාවර මිලක් ලබා දී එය නීතියක් ගත කරනවා කියා බලය ගත්තත් ඔවුන් බලයට පත් වී වසර 02ක් වනතුරු තවමත් ඒ අණපනත් නොමැති බවත් අද වී කිලෝවක් නිෂ්පාදනයට රු.137ක් යන බවට කෘෂිකර්ම ඇමතිවරයාම පාර්ලිමේන්තුවේ දී පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද සහතික වී මිල වන්නේ රුපියල් 120 බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණඩුව හිතාමතාම රුපියල් 17ක් ගොවියාගේ වී කිලෝවෙන් පාඩු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

අද ගොයම් කැපුවත් රජය වී මිලදී නොගන්නා බවත්, පසුගිය සිකුරාදා රුපියල් මිලියන 7,500ක් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න ⁣මුදල් වෙන් කරත් අද වී මිලදී නොගන්නා නමුත් වී මිලදී ගන්න බෝඩ් ගසා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සත්කාරය වැඩසටහන යටතේ ගලේවෙල දේවාහුව 11 වසමේ සන්සෙත ප්‍රජප්‍රාමූල සංවිධානයට රුපියල් ලක්ෂ 12ක් වටිනා ජල පිරිපහදු පද්ධතිය සහ ප්‍රති ආශ්‍රිත ජල පෙරණය ලබා දීමේ අවස්ථාවට අද (23) එක්වෙමින්.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් වුවද මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක නිෂ්පාදනයක් පවතිද්දී, රජය මෙට්‍රික් ටොන් 382,000ක සහල් විදේශයන්ගෙන් ආනයනය කර ගොවි ජනතාවට ද්‍රෝහි වී ඇති බවද ඔහු කියා සිටියා.

එමෙන්ම වී, බඩඉරිඟු, හා අර්තාපල් වගාකරුවන් අනාථ වී සිටියදී, රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට මිස ජනතා ප්‍රශ්න විසඳීමට නොවන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51