බංග්ලාදේශට දෙවන ටෙස්ට් තරගයෙන් දරුණු පරාජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දැවැන්ත ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (23) සමත් වුණා.

මැකේ හිදී පැවති මෙම තරගය බංග්ලාදේශය පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 51කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම ලකුණු 64කට සීමා කරන්නට මිචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට හැකියාව ලැබුණා.

එහිදී බංග්ලාදේශ පළමු ඉනිම සුණුවිසුනු කළ මිචෙල් ස්ටාර්ක් ලකුණු 12කට කඩුලු 06ක් බිඳ දැමුවා.

ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 210ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 146ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශයට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 95ක් පමණයි.

මෙහිදී මිචෙල් ස්ටාර්ක් බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමු අතර, පැට් කමින්ස් සහ නේතන් ලියොන් කඩුලු තුන බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 51කින් ජයගෙන, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙස සම කරන්නට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 09කින් ජයගත් බංග්ලාදේශය ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියානු බිමේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජයගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15