22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය විසින් ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබාදුනහොත්, ඒ සඳහා ජනමත විචාරණයකට යාමට රජය සූදානම් බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.
ගල්නෑව ප්‍රදේශයේ දිට්වා හේතුවෙන් කැඩි ගිය “මහ ඔත්තපහුව ” වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භක වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැසට් කර ඇති බැවින්, මේ වනවිට ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවද අමාත්‍යවරයා පැවසුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් රණසිංහ ,
“ගරු අධිකරණය තමයි තීරණය කරන්න මේක ව්‍යවස්ථාවට අනුකූල සංශෝධනයක්ද, මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යද නැද්ද කියන එක.ගරු අධිකරණය තීරණය කළොත් ජනමත විචාරණයකට යන්න කියලා, අපි රජය සූදානම් ජනමතයට යන්න. ඒක විපක්ෂයේ ප්‍රාර්ථනාවක් උනාට, අධිකරණයෙන් තමයි ඇත්තටම අපිට මඟපෙන්වීම කරන්න ඕනේ, නිර්දේශය දෙන්න ඕනේ මේක ජනමත විචාරණයකට යන්න ඕනේද නැද්ද කියලා.ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියලා තීන්දුවක් ආවොත් ඒ පරිදි කටයුතු කරනවා. ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ආවොත් ඒ පරිදි කටයුතු කරන්න අපි සූදානම් ඉන්නවා.”













