spot_imgspot_img
spot_img

දිස්ත්‍රික්ක 06 කට නායයාමේ අනතුරු ඇඟවීමේ නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 06ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා.

එම සංවිධානය සඳහන් කළේ මෙලෙස නිකුත්කර ඇති පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අද (12) පස්වරු 3.00 සිට හෙට (13) පස්වරු 3.00 දක්වා වලංගු බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ, බලංගොඩ, වැලිගෙපොල, ඕපනායක, කුරුවිට, ඉඹුල්පේ, කොළොන්න, ගොඩකවෙල, කලවාන සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අධියර 02 යටතේ අනතුරු ඇඟවීමේ නිකුත්කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, වරකාපොල, ගලිගමුව, අරණායක, බුලත්කොහුපිටිය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, හක්මන, වැලිපිටිය, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කහවත්ත, කිරිඇල්ල සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අධියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිකුත්කර ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?