දිස්ත්‍රික්ක 06 කට නායයාමේ අනතුරු ඇඟවීමේ නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 06ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා.

එම සංවිධානය සඳහන් කළේ මෙලෙස නිකුත්කර ඇති පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අද (12) පස්වරු 3.00 සිට හෙට (13) පස්වරු 3.00 දක්වා වලංගු බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ, බලංගොඩ, වැලිගෙපොල, ඕපනායක, කුරුවිට, ඉඹුල්පේ, කොළොන්න, ගොඩකවෙල, කලවාන සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අධියර 02 යටතේ අනතුරු ඇඟවීමේ නිකුත්කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, වරකාපොල, ගලිගමුව, අරණායක, බුලත්කොහුපිටිය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, හක්මන, වැලිපිටිය, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කහවත්ත, කිරිඇල්ල සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අධියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිකුත්කර ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51