දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත වෙයි (වීඩියෝ)

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ම අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා.

ජලාශයේ වාරිමාර්ග ඊංජිනේරුවරයා සඳහන් කළේ මේ හේතුවෙන් තත්පයරයට ඝන අඩි 22400ක ජල ධාරිතාවක් දැදුරු ඔයට මුදා හැරෙන බවයි.

එබැවින් ජලාශයෙන් පහළ ප්‍රදේශවල අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බැවින් විමසිලිමත්ව කටයුතු කරන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීස්වර මහතා කියා සිටියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දැදුරුඔය ජලාශ නිම්නයේ පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි. මේ හේතුවෙන් දැදුරුඔය පාවිච්චි කරන ඒ හා සම්බන්ධ මාර්ග පාවිච්චි කරන මෙන්ම එම පහත් බිම් ආශ්‍රිතව පදිංචි පිරිස් අවධානයෙන් සිටිය යුතු බව දැනුම් දෙනවා.

ඒ අනුව වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිල්ලෙන් සිටින ලෙසටයි ඉල්ලා සිටින්නේ.

මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක් ද විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි දොරටු 04ක් අඩි 02 බැගින් සහ දොරටු 02ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර එම දොරටුවලින් තත්පරයට ජලය ඝන අඩි 2000ක් මී ඔයට මුදා හැරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48