spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත වෙයි (වීඩියෝ)

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ම අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා.

ජලාශයේ වාරිමාර්ග ඊංජිනේරුවරයා සඳහන් කළේ මේ හේතුවෙන් තත්පයරයට ඝන අඩි 22400ක ජල ධාරිතාවක් දැදුරු ඔයට මුදා හැරෙන බවයි.

එබැවින් ජලාශයෙන් පහළ ප්‍රදේශවල අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බැවින් විමසිලිමත්ව කටයුතු කරන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීස්වර මහතා කියා සිටියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දැදුරුඔය ජලාශ නිම්නයේ පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි. මේ හේතුවෙන් දැදුරුඔය පාවිච්චි කරන ඒ හා සම්බන්ධ මාර්ග පාවිච්චි කරන මෙන්ම එම පහත් බිම් ආශ්‍රිතව පදිංචි පිරිස් අවධානයෙන් සිටිය යුතු බව දැනුම් දෙනවා.

ඒ අනුව වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිල්ලෙන් සිටින ලෙසටයි ඉල්ලා සිටින්නේ.

මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක් ද විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි දොරටු 04ක් අඩි 02 බැගින් සහ දොරටු 02ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර එම දොරටුවලින් තත්පරයට ජලය ඝන අඩි 2000ක් මී ඔයට මුදා හැරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?