ගුල්ලො ගැසූ කඩල පරිප්පු කිලෝ 3000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැදූ අයෙක්ට දඩ

ගුල්ලන් සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙස අද (10) නියෝග කළා.

පෑලියගොඩ එන්.ටී.සී නමැති ගබඩාවක භාරකරුවෙකු වන වේලු අත්පුදරාජ් නමැත්තෙකුට අධිකරණයෙන් එසේ දඩ නියම කෙරුණා.

විත්තිකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ පෑලියගොඩ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.වී ලක්මාල් ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ ඉහත සඳහන් ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි තිබී ගුල්ලන් සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝග්‍රෑම් 3000 ක් සොයා ගැනීමට හැකි වූ බවයි.

කල් ඉකුත් වීමේ දිනය 2026 ජූලි මස ලෙස බහාලුම් තුළ සඳහන් කරමින් එම පරිප්පු තොගය මහජන පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බව ද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අධිකරණයට දැන්වූවා.

අත්අඩංගුවට ගෙන තිබෙන එම පරිප්පු තොගය විනාශ කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අධිකරණ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එම පරිප්පු තොගය විනාශ කර දමන්න ලෙසට නියෝග කළා.

පෑලියගොඩ නගර සභාවේ ලේකම් කේ තරංගා ගම්ලත් මහත්මියගේ හා එම නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයශංක රත්නායක යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකළ බව ද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල් මහතා අධිකරණය හමුවේ පැවසුවා.

පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.පී.එස් චින්තක පතිරණ මහතා ද පැමිණිල්ල මෙහෙයවීමට දායක වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18