Empty Ad
AFC Banner
Empty Ad

ගුල්ලො ගැසූ කඩල පරිප්පු කිලෝ 3000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැදූ අයෙක්ට දඩ

ගුල්ලන් සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙස අද (10) නියෝග කළා.

පෑලියගොඩ එන්.ටී.සී නමැති ගබඩාවක භාරකරුවෙකු වන වේලු අත්පුදරාජ් නමැත්තෙකුට අධිකරණයෙන් එසේ දඩ නියම කෙරුණා.

විත්තිකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ පෑලියගොඩ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.වී ලක්මාල් ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ ඉහත සඳහන් ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි තිබී ගුල්ලන් සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝග්‍රෑම් 3000 ක් සොයා ගැනීමට හැකි වූ බවයි.

කල් ඉකුත් වීමේ දිනය 2026 ජූලි මස ලෙස බහාලුම් තුළ සඳහන් කරමින් එම පරිප්පු තොගය මහජන පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බව ද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අධිකරණයට දැන්වූවා.

අත්අඩංගුවට ගෙන තිබෙන එම පරිප්පු තොගය විනාශ කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අධිකරණ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එම පරිප්පු තොගය විනාශ කර දමන්න ලෙසට නියෝග කළා.

පෑලියගොඩ නගර සභාවේ ලේකම් කේ තරංගා ගම්ලත් මහත්මියගේ හා එම නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයශංක රත්නායක යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකළ බව ද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල් මහතා අධිකරණය හමුවේ පැවසුවා.

පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.පී.එස් චින්තක පතිරණ මහතා ද පැමිණිල්ල මෙහෙයවීමට දායක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?