ගැබිණි කාන්තාවක් බස් රථයක් තුළ බිළිඳෙකු ප්‍රසූත කරලා – ප්‍රසූත කළ මොහොතේම බිළිඳා මිය ගිහින්

ගැබිණි කාන්තාවක් විසින් බසයක් තුළ දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සිකුරාදා අදාළ කාන්තාව බස් රථය තුළ දී දරුවා ප්‍රසූත කර ඇති අතර, එය නොමේරූ දරු ප්‍රසූතියක්වීම හේතුවෙන් ප්‍රසූත කළ බිළිඳා මියගොස් ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

ඉන්දියාවේ අම්බාලා සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි සහරන්පූර් ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ මෙම දරු ප්‍රසූතිය සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බස් රථයේ සිටි ගැබිණි කාන්තාවක් ප්‍රසූත වේදනාවෙන් පසුවූ අවස්ථාවේ ඒ පිළිබඳව ඇය බසයේ සිටි අනෙකුත් මගීන්ට දැනුම් දී තිබෙනවා.

එම අවස්ථාවේ දී බස් රථයේ රියදුරු රථය රෝහලක් වෙත ගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඒ අතර තුර එම කාන්තාව බස් රථය තුළදී ම දරුවා බිහිකර ඇති අතර, ඒ සඳහා බසයේ සිටි ඇතැම් කාන්තාවන් ඇයට සහාය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අතර තුර බස් රථ රියැදුරු බසය මුල්ලාන සිවිල් රෝහල වෙත ගෙන ගිය ද, එම කාන්තාව රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බවයි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ.

කාන්තාවගේ ප්‍රසූතිය නියමිත දිනට පෙර සිදුවීම හේතුවෙන් මෙලෙස දරුවා අවාසනාවන්ත ලෙස මිගොස් ඇති බවයි මුල්ලාන සිවිල් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කුල්දීප් සිං පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?