ගැබිණි කාන්තාවක් බස් රථයක් තුළ බිළිඳෙකු ප්‍රසූත කරලා – ප්‍රසූත කළ මොහොතේම බිළිඳා මිය ගිහින්

ගැබිණි කාන්තාවක් විසින් බසයක් තුළ දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සිකුරාදා අදාළ කාන්තාව බස් රථය තුළ දී දරුවා ප්‍රසූත කර ඇති අතර, එය නොමේරූ දරු ප්‍රසූතියක්වීම හේතුවෙන් ප්‍රසූත කළ බිළිඳා මියගොස් ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

ඉන්දියාවේ අම්බාලා සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි සහරන්පූර් ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ මෙම දරු ප්‍රසූතිය සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බස් රථයේ සිටි ගැබිණි කාන්තාවක් ප්‍රසූත වේදනාවෙන් පසුවූ අවස්ථාවේ ඒ පිළිබඳව ඇය බසයේ සිටි අනෙකුත් මගීන්ට දැනුම් දී තිබෙනවා.

එම අවස්ථාවේ දී බස් රථයේ රියදුරු රථය රෝහලක් වෙත ගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඒ අතර තුර එම කාන්තාව බස් රථය තුළදී ම දරුවා බිහිකර ඇති අතර, ඒ සඳහා බසයේ සිටි ඇතැම් කාන්තාවන් ඇයට සහාය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අතර තුර බස් රථ රියැදුරු බසය මුල්ලාන සිවිල් රෝහල වෙත ගෙන ගිය ද, එම කාන්තාව රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බවයි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ.

කාන්තාවගේ ප්‍රසූතිය නියමිත දිනට පෙර සිදුවීම හේතුවෙන් මෙලෙස දරුවා අවාසනාවන්ත ලෙස මිගොස් ඇති බවයි මුල්ලාන සිවිල් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කුල්දීප් සිං පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14