ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රට පුරා ක්‍රියාත්මක වන “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන අද (08) දිනය පුරාවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වෙනවා.
පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර යන තේමාවෙන් ” අත්තම ජාතික පවිත්‍රතා ” මෙම වැඩසටහන ආරම්භ වුණා.
දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින්, හමුදා නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන රැසක සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන යටතේ කොලොන්නාව මජිඩ් පෙදෙස පවිත්‍රකරණය, අද ආරම්භ කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සහභාගීත්වයෙන්.
එමෙන්ම, “අත්තම” ජාතික වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා.













