ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් තහවුරු කිරීමට නව නීතිමය රෙගුලාසි මාලාවක්

ජගත් ආදිවාසී දිනයට සමගාමිව පරිසර ආරක්ෂණය සහ ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව නීතිමය රෙගුලාසි මාලාවකට පරිසර අමාත්‍යතුමා අත්සන් තැබුවා.

මෙම නව නීතිමය රේගුලාසි සදහා ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ කමිටු කාර්යාලය තුල දී පරිසර අමාත්‍ය වෛද්‍ය දමිමික පටබැඳි විසින් අත්සන් තැබු අතර එම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල, වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම්, මංජුල අමරනාත්, අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, නීති ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු) බුවනෙක හේරත් සහභාගි වී සිටියා.

හෙට (09) දිනයට යෙදි ඇති ජගත් ආදිවාසි දිනයට සමගාමිව මෙම නව රේගුලාසි ප්‍රකාශයට පත්කිරීමට අදාලව ලේඛණ සදහා අත්සන් තබන අතර ආදිවාසී ප්‍රජාවගේ සම්ප්‍රදායික උරුමය සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන මේ තුලින් ශක්තිමත් වනවා.

පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතේ පවතින ප්‍රතිපාදනවලට යටත්ව පැවරි ඇති බලතල ප්‍රකාරව (469 වන අධිකාරය) 3 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ආ) වන ජේදය සමග කියවිය යුතු 71 වන වගන්තිය යටතේ නව නියෝග මාලාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම නියෝග මඟින් ජාතික උද්‍යාන සහ නම් කරන ලද ආරක්ෂිත ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කිරීම අරමුණු කෙරෙනවා.

පසුගිය වසරේ ජනවාරි 22 දින පාර්ලිමේන්තුවේ පැවැති ආදිවාසි පනත පිළිබද කමිටුවේ දි ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීම ගැන සහ වන රක්ෂිතයන් සදහා ඇතුළුවිමේදි ආදි වාසි ප්‍රජාවට මුහුණදීමට සිදුවන නීතිමය ගැටලු සම්බන්ධයෙන්ද දිර්ඝව අවධානය යොමු වුණා.

ප්‍රධාන ලෙස මෙරට රක්ෂිතයන් සදහා ඇතුළුවිමේදි ආදි වාසි ප්‍රජාවට පවතින නීති පද්ධතිය තුල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම නව රේගුලාසි ප්‍රකාශයට පත්කරනවා.

විශේෂයෙන් මාදුරුඔය සහ ගල්ඔය ජාතික උද්‍යාන ආශ්‍රිතව පාරම්පරික ආදිවාසි ජනප්‍රජාවට නව රේගුලාසි හදුන්වාදීමක් සමග සිය දෛනික ඇවැතුම් පැවැතුම් සහ ජිවනෝපායන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුවනවා.

සීමා නියාමනයට නව රේගුලාසි තුලින් කරුණු ඉදිරිපත් කර ඇති අතර පාරම්පරික යැපුම් රටාවන්ට කොන්දේසි සහිත නිල අනුමැතියක් සහ වාණිජ කටයුතුවලට රක්ෂිතයන් භාවිතා කිරීමට අදාලව දැඩි කොන්දේසි පණවා තිබිම මෙම නව රේගුලාසිවල වල විශේෂත්වයක්.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ ස්භාවික ජෛව පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබෙන නීතිමය ප්‍රතිපාදන ආරක්ෂා කිරීම එහි අරමුණ වනවා.

නව නියෝග මඟින් මාදුරු ඔය සහ ගල්ඔය යන ජාතික උද්‍යානවලට අයත් බලපෑම් කලාපවල ජීවත්වන ආදිවාසී ප්‍රජාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ පවතින සීමාවන් තුල ක්‍රියාකරකම් නියාමනය කෙරෙනවා.

මෙහිදී “බලපෑම් කලාප” ලෙස අර්ථ දක්වා ඇත්තේ, මාදුරු ඔය ජාතික උද්‍යානයට අදාළව මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක (අ7) දඹාන ග්‍රාම නිලධාරී වසම සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක (142 ඇ) පරණගම ග්‍රාම නිලධාරී වසම. ගල්ඔය ජාතික උද්‍යානයට අදාළව මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක (104ඇ) ගල්ගමුව ග්‍රාම නිලධාරී වසම් අයත් වනවා.

පුද්ගයන් ලියාපදිංචි කරනු ලබන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි හැඳුනුම්පත හරහා ලබාගත් තොරතුරු හෝ තහවුරු කළ හැකි ලේඛණයන් තුලින් ලියාපදිංචිය සිදු කරනු ලබන අතර අවසර ලත් දොරටු අදාළ බලපෑම් කලාපවල පදිංචි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ආදිවාසී සාමාජිකයන්ට මෙම නියෝග යටතේ ලියාපදිංචි වීමට සුදුසුකම් පවතිනවා.

ඒ සඳහා වන ඉල්ලුම්පත අදාළ ආදිවාසී ප්‍රජා නායකයාගේ හෝ (නැගෙනහිර, උතුරු හා ඌව පළාත් සඳහා වන) නම් කළ නායකයාගේ නිර්දේශය සහිතව ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් මඟින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ යුතුයි.

ලියාපදිංචි වන සාමාජිකයන් සඳහා ඡායාරූප සහිත විශේෂ හැඳුනුම්පතක් නිකුත් කෙරෙන අතර, රක්ෂිතයට ඇතුළු වන සෑම අවස්ථාවකදීම එය ළඟ තබා ගැනීම අනිවාර්ය වනවා.

රක්ෂිතයට ඇතුළු වීම සහ පිටවීම සඳහා විශේෂිත දොරටු පමණක් භාවිත කළ යුතුයි.

වනජීවී නිලධාරීන් විසින් ඇතුළු වන හා පිටවන පුද්ගලයන්ගේ තොරතුරු විශේෂ ලේඛනයක සටහන් කරනු ලබන අතර දැඩි කොන්දේසි සහ පාරිසරික මාර්ගෝපදේශ යටතේ ලියාපදිංචි ආදිවාසී සාමාජිකයන් රක්ෂිත තුළ නිරත වන සියලු ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික ක්‍රමවේදවලට අනුව පමණක් සිදු කළ යුතු අතර, නවීන හෝ වාණිජ උපකරණ භාවිතය සම්පුර්ණයෙන් තහනම් සහ නීති විරෝධි වනවා.

එමෙන්ම එකතු කරනු ලබන ද්‍රව්‍ය පෞද්ගලික යැපුම් අවශ්‍යතා සඳහා පමණක් භාවිත කළ යුතු අතර වාණිජ කාර්යයන් සඳහා යොදාගැනීමට අවසර නොලැබෙනවා.

ශාක ද්‍රව්‍ය නෙළීමේදී ශාක පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි මාර්ගෝපදේශ මාලාවක්ද පනවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23