අමෙරිකාව අපේ කොන්දේසි පිළිගන්නා ඕනෑම අවස්ථාවක හොර්මුස් විවෘත කරනවා – ඉරානය

හොර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම රඳා පවතින්නේ එක්සත් ජනපදය විසින් “ඉරානයේ කොන්දේසි සම්පූර්ණයෙන් පිළිගැනීම” මත මිස ඕමානය සමඟ පවතින ගිවිසුම මත නොවන බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රකාශක සාර්දාර් මොහෙබි ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ‘ටස්නිම්’ (Tasnim) වාර්තා කරනවා.

“අපට නම්, හොර්මුස් සමුද්‍ර සන්ධිය හුදෙක් ආර්ථිකමය ජල මාර්ගයක් පමණක් නොව, භූගෝලීය සහ උපායමාර්ගික බලයේ අංගයකි,” යනුවෙන් මොහෙබි ප්‍රකාශ කර තිබෙනවා.

එම ජල මාර්ගය විවෘත කිරීම එක්සත් ජනපදය විසින් “ඉරානයේ කොන්දේසි සම්පූර්ණයෙන් පිළිගැනීම සහ කලාපීය සාකච්ඡාවලට මැදිහත් වීම නැවැත්වීම” මත රඳා පවතින බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටි බව එම වාර්තාවේ සඳහන්.

“එක්සත් ජනපදය ඉරානයේ කොන්දේසි පිළිගන්නා ඕනෑම අවස්ථාවක හොර්මුස් සමුද්‍ර සන්ධිය අනිවාර්යයෙන්ම විවෘත වනු ඇත,” යැයි ද ඔහු පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06