අධ්‍යාපන ක්‍රියාවලියට කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කිරීම ගැන සාකච්ඡාවක්

ඩිජිටල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ නවීන තාක්ෂණය අධ්‍යාපනය සමඟ බද්ධ කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පසුගිය 06 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී (SLIDA) පැවැත්වුණා.

ඉන්දියානු රජයේ පාසල් අධ්‍යාපන හා සාක්ෂරතා දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් සංජේ කුමාර්ගේ විශේෂ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්නගේ සම සභාපතිත්වයෙන් පවත්වා තිබෙනවා.

ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේදී ලබාගත් අත්දැකීම්, ප්‍රායෝගික ක්‍රමවේද සහ දැනුම හුවමාරු කරගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වුණා.

එහිදී ඩිජිටල් අධ්‍යාපනය තුළ සමතාව තහවුරු කිරීම, අධ්‍යාපනය උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) භාවිතය, පවතින අභියෝග හා බාධක හඳුනාගෙන විසඳුම් සෙවීම සහ උසස් තත්ත්වයේ අධ්‍යාපනික අන්තර්ගතයන් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

ඊට අමතරව සාම්ප්‍රදායික හා ඩිජිටල් ක්‍රමවේද සංකලනය , අධ්‍යාපන ක්‍රියාවලියට කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, ගුරුවරුන්ගේ ඩිජිටල් කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම සියලු පාර්ශ්‍රවකරුවන්ගේ සහභාගීත්වයෙන් යුත් ශක්තිමත් අධ්‍යාපනික පද්ධතියක් නිර්මාණය කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) එක්ව සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ ආචාර්‍ය උපදේශක හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාතයංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක (ආර්ථික හා වාණිජ) දේවිකා ලාල්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) අධ්‍යක්ෂ ජනරාල් විමුක්ති ජනාදර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටයා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22