හෙට දිනයට අදාළ කාලගුණ නිවේදනය නිකුත් වෙයි – ප්‍රදේශ රැසකට වැසි

සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (09) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අතරින් සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

හෙට (09) දිනයේ දී, උතුරු – මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17