මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
මේ අතර අගෝස්තු මාසයේ මුල් දින 07 තුළ පමණක් ඩෙංගු රෝගීන් 3,686 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
මෙරට තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.94% ක්ම, එනම් රෝගීන් 47,136 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබෙනවා.
එහිදී ගම්පහ දිස්ත්‍රික්කයයෙන් රෝගීන් 18,922ක් හඳුනාගෙන ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,679ක් හඳුනාගෙන තිබෙනවා.













