කළු ගඟේ කුඩා ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම පැය 48ක් දීර්ඝ කෙරේ

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධව කුඩා මාර්ග භාවිත කරන ජනතාව සහ රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, ගමනාගමනයේදී අතිශය සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.