කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුරු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය, සෙමින් බටහිර – වයඹ දෙසට ගමන් කර ඊයේ (23) කාලිංග පටනම් (Kalingapatnam) හි නිරිතදිගට ආසන්නයෙන් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අනතුරුව බටහිර – වයඹ දෙසට ගමන් කර, අද, සැප්තැම්බර් 24, 0000 UTC (පෙ.ව. 05.30) වන විට උතුරු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව, එනම් උතුරු අක්ෂාංශ 18.3° සහ නැගෙනහිර දේශාංශ 83.7° ආසන්නයේ (කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1100ක් පමණ ඊසාන දෙසින්) කේන්ද්‍රගතව පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඊට අදාළ සිතියමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

පහත සිතියමේ ”Warning” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල, ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බව නිවේදනයේ සඳහන්.

පහත සිතියමේ “Advisory” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

උතුරු අක්ෂාංශ 10°N ත් 22°N ත් සහ නැගෙනහිර දේශාංශ 82°E ත් 90°E ත් අතර මුහුදු ප්‍රදේශ වල, නැවත දැනුම් දෙන කුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

image 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16