ට්‍රම්ප්ගේ ආරාධනයකට පැමිණි චීන ජනපති අමෙරිකාවට ළඟා වෙයි

ට්‍රම්ප්ගේ ආරාධනයකට පැමිණි චීන ජනපති අමෙරිකාවට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිංගේ අමෙරිකාවනු සංචාරය සනිටුහන් කරමින් ඔහු ඊයේ (23) පස්වරුවේ අමෙරිකාවට ළඟාවී තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වනවා.

වොෂින්ටන්හි ආසන්නයේ පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණි චීන ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා විසින් පිළිගනු ලැබුවා.

චීනය සහ අමෙරිකාව අතර සබඳතා තහවුරු කරගැනීමට කැමැත්තෙන් පසුවන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනපති පිළිගනිමින් සඳහන් කර ඇති අතර, ෂී ජින්පිං පෙන්වා දී ඇත්තේ චීනයත් අමෙරිකාවත් හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් බවට පත් නොවිය යුතු බවයි.