ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් වුණා.
සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සිය සේවාදායකයට ඉන්දියානු රජයෙන් එරට සංචාරයක් සඳහා ආරාධනාවක් ලැබී ඇති බවයි.
සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ස්වාමීනී… මගේ සේවාදායකයාට සංචාරයක් සදහා ඉන්දිය රජය විසින් අරාධයනක් එවා තිබෙනවා. එයට යාමට ඇත්තේ සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 01 වන දින දක්වා කාලයේදිය. එම ආරාධනය එවා ඇත්තේ ඉන්දීය රජය විසින්. තවද, සැප්තැම්බර් 26 වන දින මගේ සේවාදායකයාට හඟුරන්කෙ පොත්ගුල් විහාරයේ කොනක් පැළඳීමට, එම විහාරයේ නායක හිමිනම විසින් අරාධනා කරලා තියෙනවා. එම පෙරහැර දළඳා පෙරහැරට පසු තිබෙන තවත් ඓතිහාසික පෙරහැරක්. මගේ සේවාදායකයා එයට සහභාගී නොවූවොත්, එහි නායක හිමිනමනට කරන අගෞරවයක්” යනුවෙන් සඳහන් කළා.
මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සිය සේවාදායකයට ඉන්දියානු රජයෙන් එරට සංචාරයක් සඳහා ආරාධනාවක් ලැබී ඇති බවයි.













