ඉදිරි අන්තර් ජාතික ක්‍රිකට් තරග සංචාරයන්වලදී එක්දින ක්‍රිකට් තරගවලට සාපේක්ෂව විස්සයි විස්ස තරග සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක වන ඉදිරි ක්‍රිකට් තරග සංචාරයන් චක්‍රය මේවන විට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, එම චක්‍රය තුළ එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව අඩු කරමින් විස්සයි-20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.













