නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරයේ අද (24) මන්ත්‍රීවරයෙක් දිවුරුම් දුන්නා.

හපිපු ලෙබ්බේ මහමුදු රිපාඩ් මෙලෙස මෙම ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේදීයි.