මෙරට වෙළදපොළ තුළ වාහන මිල, සැලකිය යුතු මට්ටමක පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පවසනවා.
මෙරට තුළ වඩාත් ජනප්රිය මෝටර් රථ වර්ග කිහිපයක මිල, ඇතැම් අවස්ථාවල රුපියල් ලක්ෂ 10කින් පමණ පහත වැටි ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
”වාහන මිල සෑහෙන්න අඩුවෙලා තියෙනවා,තවත් නම් අඩු වෙයි කියලා හිතන්නේ නැහැ. පාරිභෝගිකයන්ට හොඳ අවස්ථාවක් මේක. වෙළඳපොල ප්රකෘති වුණ ගමන් ලොකු ගානකින් වැඩි වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා













