සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ ආයෝජනය කළ අයට සිදුකරන ගෙවීම් නවතී

සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ලද පැමිණිලි පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට විමර්ශනයක් සිදු කරමින් පවතිනවා.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 42 වන වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව, එම පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාරගනු ලබන්නේද හෝ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන්නේද යන්න පිළිබඳ මෙම විමර්ශනය සිදු කෙරෙනවා.

එමෙන්ම, කොළඹ මහාධිකරණයේ HC/FS/12/2026 යටතේ පවතින නඩු කටයුත්තට අදාළව සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ එහි අධ්‍යක්ෂවරයාගේ බැංකු ගිණුම් ඇතුළු අනෙකුත් වත්කම් 2027.02.18 දින දක්වා අත්හිටුවීමට නියෝගයක්, අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

මේ අතර, සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ මුදල් තැනපත්කරුවන් චෝදනා කරන්නේ ඔවුන්ට මාසිකව ගෙවීමට ඇති මුදල් තවමත් නොලැබුණු බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් මෙහි ආයෝජනය කළ තැන්පත්කරුවන් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමසමීට, අප සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එය සාර්ථක වුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26