දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර රිය අනතුරක් සිදුව තිබෙනවා.
මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී අද (21) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
මෙම අනතුරින් පුද්ගලයින් 12කට වැඩි පිරිසක් නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්වූ වාහන අතර පාසල් ළමුන් රැගත් බස් රථයක් ද ඇති අතර, එහි සිටි පාසල් ළමුන් 06 දෙනෙක් ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.
බස් රථ දෙකක් ඇතුළු වාහන 08ක් පමණ මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.













