එංගලන්තයට එරෙහි දෙවැනි එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ තීරණාත්මක දෙවැනි තරගය අද (23) පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 05.00ට ලීඩ්ස් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වනවා.

තරගාවලියේ මේ වනවිට 1 -0 ක් ලෙස එංගලන්ත කණ්ඩායම පෙරමුණ ගෙන සිටින අතර, තරගාවලිය ජය ගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩයම අනිවාර්යෙන් ජයගත යුතු වනවා.

මේ අතර පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.