සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු එක්දින තරගය මේ වන විට ඩර්හැම්, බෑන්ක්ස් හෝම්ස් රිවර්සයිඩ් පිටියේදී පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එම ඉලක්කය හඹා යමින් පවතිනවා.
මේ අතර ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක තරගයේ පන්දුවාර 05ක් අවසානයේ, ලකුණු 11ක් රැස්කර ගනිමින් නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අතර, එම ලකුණු සංඛ්‍යාවත් සමඟ නව වාර්තාවක් පිහිටුවීමට පැතුම් සමත් වුණා.
ඒ, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 3000 සීමාව පසුකර යමින්.
පැතුම් නිස්සංක හට ලකුණු 3000 සීමාවට ලඟා වීම සඳහා වැය වී ඇත්තේ තරග 80ක් පමණක් වන අතර, ඔහු වාර්තා අතරට එක්වූයේ වේගවත්ම එක්දින ලකුණු 3000ක් රැස්කළ ශ්‍රී ලංකා පිතිකරු ලෙසයි.













