කළුතර හා අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පුද්ගල පහරදීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධ සඳහා යොදාගත් බවට සැකකරන ත්‍රීරෝද රථ දෙකක් ද සිය භාරයට ගත් බව පොලිසිය පවසනවා.
පසුගිය 12 වැනිදා මත්ද්‍රව්‍ය ආරවුලක් මුල් කරගනිමින් කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට නිවසට ත්‍රීවිල් රථයකින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු තියුණු ආයුධ යොදාගෙන එම පුද්ගලයාට පහර දී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදු කරනු ලැබුවා.
එම නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවල දර්ශන අනුව එම පුද්ගලයින් පැමිණි ත්‍රීරෝද රථය හඳුනාගෙන ඇති අතර ඒ හරහා සිදු කළ විමර්ශනයේ දී කළුතර, උතුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබුණා.
ඉන්පසුව මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයෙකුඅත්අඩංගුවට ගැනුණු අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට භාවිතා කරන ලද බවට සැකකෙරෙන තචත් ත්‍රී රෝද රථයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
එම ත්‍රීවිල් රථ පිළිබඳව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ එම ත්‍රීරෝද රථ පානදුර උතුර ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ත්‍රීරෝද රථ බවයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 23 සහ 28 වයස්වල පුද්ගලයින් වන අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













