කළුතර නිවසකට ගොස් තග දැමූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කළුතර හා අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පුද්ගල පහරදීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධ සඳහා යොදාගත් බවට සැකකරන ත්‍රීරෝද රථ දෙකක් ද සිය භාරයට ගත් බව පොලිසිය පවසනවා.

පසුගිය 12 වැනිදා මත්ද්‍රව්‍ය ආරවුලක් මුල් කරගනිමින් කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට නිවසට ත්‍රීවිල් රථයකින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු තියුණු ආයුධ යොදාගෙන එම පුද්ගලයාට පහර දී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

එම නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවල දර්ශන අනුව එම පුද්ගලයින් පැමිණි ත්‍රීරෝද රථය හඳුනාගෙන ඇති අතර ඒ හරහා සිදු කළ විමර්ශනයේ දී කළුතර, උතුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබුණා.

ඉන්පසුව මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයෙකුඅත්අඩංගුවට ගැනුණු අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට භාවිතා කරන ලද බවට සැකකෙරෙන තචත් ත්‍රී රෝද රථයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම ත්‍රීවිල් රථ පිළිබඳව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ එම ත්‍රීරෝද රථ පානදුර උතුර ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ත්‍රීරෝද රථ බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 23 සහ 28 වයස්වල පුද්ගලයින් වන අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල්දූව මංසන්ධියට රැස්වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීලට බලපෑම් කළාට වැඩක් නෑ - පොහොට්ටුව සැරවෙයි
03:12
Video thumbnail
අපි ලෑස්ති වෙලා හිටියේ, අපිට එන්න එපා කියලා කිව්වා - අපිට ආත්ම ගරුත්වයක් තියනවා
02:48
Video thumbnail
අධික වර්ෂාව නිසා කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:46
Video thumbnail
ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි - භාගෙට කියවන්න එපා
20:50
Video thumbnail
ගොවියා බිම බඩගාන තත්ත්වයට පත්වෙලා - සිලෝන් ග්‍රීන් ලයිෆ් සභාපති අපේ ගොවීන්ට කොච්චර සැලකුවද ?
02:48
Video thumbnail
22ට ඡන්දේ දීලාමාලිමාවේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න පුළුවන් ද..?
00:56
Video thumbnail
අධිකරණ ඇමති, ජී.එල්ට රිදෙන්නම දෙයි - අපි කොහෙන්ද මේවට හිනාවෙන්න ඕනේ
22:24
Video thumbnail
කොච්චර වැස්සේ තෙමුනත් සටන අත්හරින්නේ නෑ
00:16
Video thumbnail
හෝව් හෝව් තල්ලු කරන්න එපා
01:32
Video thumbnail
NPP උගත්, බුද්ධිමත්වූ 22ට අත උස්සන්න නම් යන්න එපා - අනේ ජනාධිපතිතුමා අසරණවෙලා ඉන්නේ
05:30