Fly high Get bonus Aviator Phone

අලුත බිහිකළ බිළිඳා රෝහලේ දමා 15 හැවිරිදි මව රෝහලෙන් පළායයි

යාපනය ශික්ෂණ රෝහලේ දී පාසල් සිසුවියක් ප්‍රසූත කර දරුවා රෝහලේ දමා එම සිසුවිය පළායාමේ සිද්ධියක් වාර්තා වනවා.

15 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (10) දරු ප්‍රසූතියක් සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම බාලවයස්කාර සිසුවිය ඊයේ (10) රාත්‍රියේ ම දරුවෙක් ප්‍රසූත කර ඇති අතර, ඇය සම්බන්ධයෙන් අද (11) උදෑසන සොයාබලන විට බිහිකළ දරුවා රෝහලේ තනිකර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බාලවයස්කාර සිසුවිය සමඟ ඇයගේ මවද සිට ඇති අතර, ඔවුන් දෙදෙනාම මෙලෙස පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුවිය වඩමාරච්චි, තුන්නාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරිය විසින් යාපනය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර, පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
1
+1
5
+1
19
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?