අලුත බිහිකළ බිළිඳා රෝහලේ දමා 15 හැවිරිදි මව රෝහලෙන් පළායයි

යාපනය ශික්ෂණ රෝහලේ දී පාසල් සිසුවියක් ප්‍රසූත කර දරුවා රෝහලේ දමා එම සිසුවිය පළායාමේ සිද්ධියක් වාර්තා වනවා.

15 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (10) දරු ප්‍රසූතියක් සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම බාලවයස්කාර සිසුවිය ඊයේ (10) රාත්‍රියේ ම දරුවෙක් ප්‍රසූත කර ඇති අතර, ඇය සම්බන්ධයෙන් අද (11) උදෑසන සොයාබලන විට බිහිකළ දරුවා රෝහලේ තනිකර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බාලවයස්කාර සිසුවිය සමඟ ඇයගේ මවද සිට ඇති අතර, ඔවුන් දෙදෙනාම මෙලෙස පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුවිය වඩමාරච්චි, තුන්නාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරිය විසින් යාපනය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර, පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14