අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
26 හැවිරිදි තරුණිය දූෂණය කර ඝාතනය කර ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත්තේ.
ඇය ඝාතනය කර ඇත්තේ පසුගිය 10 වනදා රාත්‍රී 9.30ට පමණ බවට අනාවරණ වී තිබෙනවා.
මෙම ඝාතනයට අදාළව සැකපිට ආබාධිත හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් ඝාතනය සිදු කර අත් ද යන්න තහවුරු කරගැනීම සඳහා ඔහුගේ DNA සාම්පල සහ මියගිය කාන්තාවගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි සඳහන්.
සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවස පොලිස් නිල සුනඛ ‘ඒගර්’ විසින් හඳුනා ගැනීමත් සමගයි.
අදාළ හමුදා සෙබළාගේ නියපොතු සහ සරමක ඒවන විටත් මඩ තැවරී තිබීම හේතුවෙන් පොලිසියේ සැකය ඔහු වෙත යොමුවී තිබුණ ද ඔහු චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.
සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
තරුණ කාන්තාවගේ සිරුර කුඹරට දමා ඒ මත සිටවා තිබූ ගොයම් පැළ දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට සැලැස්වීමෙන් අනතුරුව නිල සුනඛයා ගමන් ගත් මාර්ගය ඔස්සේ ගොස් පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
එම ගොයම් පැළ ඉව කළ සුනඛයා කිලෝමීටර් 3ක් පමණ දුරකින් පිහිටි සැකකරුගේ නිවසට ගොස් තිබෙනවා.
මෙම තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට කළ දැනුම්දීමක් අනුව කළ සොයා බැලීමකදීයි සිරුර කුඹුරේ තිබී සොයා ගැණුනේ.
සිද්ධියට අදාළව ආබාධිත හමුදා සෙබලා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ සැමියා සම්බන්ධයෙන් ද සැක කර ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.